කොහොම උනත් අද මම ඔකට්ටියත් එක්ක බෙදාහදා ගන්ඩ යන්නේ මම ලංකාවට එද්දි මම විදපු සුන්දර අත් දැකීමක්.ගුවන් යනෙන් කටුනායකට පත් කරද්දී එ පෙනෙන සුන්දරත්වය. බලන්ඩකෝ කොහොමද කියලා.අපේ රට කොච්චර සුන්දරද නේද?
මේ අපේ රටයි
කොහොම උනත් අද මම ඔකට්ටියත් එක්ක බෙදාහදා ගන්ඩ යන්නේ මම ලංකාවට එද්දි මම විදපු සුන්දර අත් දැකීමක්.ගුවන් යනෙන් කටුනායකට පත් කරද්දී එ පෙනෙන සුන්දරත්වය. බලන්ඩකෝ කොහොමද කියලා.අපේ රට කොච්චර සුන්දරද නේද?
තවත් සාර්ථක copy කිරීමක්,
මෙන්න සින්හල සින්දුවත් තියනවා අහලා බලන්ඩකෝ
අපූරු පින්තූර ටිකක්
ජීවිතේදි සිදුවන සමහර සිදුවීම් ඒ අවස්තාවෙදී අපිට එතරම් විශේෂයක් නොදැක්කට, ඒ දේවල් මේ වගේ ජායාරූපයකට නැගුනාම එ තුල අපූර්වත්වයක් තියනවා.
මේ පින්තූර ටික බලන්ඩකෝ කොහොමද කියලා.තව ඔනේනම් ඉල්ලන්ඩකෝ :)
එදා හෙළදිව සහ මෙදා හෙළදිව,
"සිංහලයො වනාහී දඹදිව දී මා විසින් දක්නා ලද අන් හැම මිනිසුන්ටම වඩා යහපත් අයවෙති. භාග්‍ය සම්පන්නද වෙති. ඔවුහු මධුර කථා ඇති අතර ආදරශීලි මනුෂ්‍යයෝය. සින්හලයාගේ ගුණධර්ම සැකවින් වර්ණනාකරතොත් මෙසේය, ඔවුන්ගේ ගමන් ලීලාවද හැසිරීමද ඉතා උදාරය. යම් කිසිවක් වහා තේරුම් ගතහැකි විචක්ශණ ඤාණයක් සින්හලයන්ට ඇත.ඔවුහු ස්භාවයෙන්ම මස් කෑමත්, මත්පැන් බීමත් අප්‍රියකරති.ඔවුහු කිපෙන සුළු නොවෙති. කෝපයක් ඇති වුවත් වහා සංසිදුවාගෙන සමගිවෙති.සින්හලයෝ ඇඳුමෙන් පිරිසුදුය. ඉතා ශිෂ්ඨ ලෙස ආහාර අනුභව කෙරෙති.වැඩිවෙලා නොනිදති.
සිංහල ස්ත්‍රීන්ගේ හැසිරීම සුවිනීතය. ගමන ඉතා සංවරය.සිංහල ස්ත්‍රීහු අරපරෙස්සමේ ඉතා දක්ෂය.පුරුෂයෝ ස්වකීය භාර්‍යාවන් අතිශයින්ම විශ්වාස කරති.සිංහල ස්වාමිදුව මහේශාක්‍ය වුවත්,දැසිදස්සන් සිටියත්,සියතින්ම සියළුම කටයුතු කීරීමට උනන්දුවෙයි.
සිංහලයෝ උදේ හවස පිළිම වහන්සේ ඉදිරියේ මල් පූජා කරති. නවගුණ වැල නම් වූ ඇට වලින් සැදුනු මාලයක් අතින් ගෙන නිතර භාවනාවෙ යෙදෙති.හොරකම් කිරීම අතිශය පිලිකුල් කොට සලකති.කිසිම සිංහලයෙකු කිසිම දිනක හොරකම් කල බවක් මම අසා නොමැත. සිංහලයෝ කරුණා කරති. අන් අයට උපකාර කරති. ආගන්තුකයින්ට දයාවෙන් සංග්‍රහ කරති. සිංහලයෝ ළග මේ ගුණධර්ම ඇතිබව මම අත්දැකීමෙන් දනිමි. සින්හලයන්ගේ භාෂාවද සින්හලයන් මෙන්ම පොහොසත්ය.එය මටසිලිටුය, සුමධුරය, අලංකාරය. සිංහලයෝ චතුර කතිකයෝය.සිංහල ද්වීපයේ එකම හිගන්නෙක්වත් නැත"
"රොබට් නොක්ස් විසින් රචිත - එදා හෙලදිව ග්‍රන්තයේ පරිවර්තන කෘතියකින් උපුටා ගන්න ලද්දකී"
ඉංග්‍රීසි ග්‍රන්තයේ පිටපතක් ලබාගැනීමට මෙතන click කරන්ඩ
ඔය රොබට් නොක්ස් දැක්ක 1680 ගනන් වල හෙලදිව, දැන් 2010 කාට හරි ලියන්ඩ පුලුවන්නම් මෙදා හෙලදිව තත්වය ගැන කොහොම වෙයි කියලද, එහෙමත් නැත්තම් අද රොබට් නොක්ස් මත්තයා හිටියනම් අපි ගැන මොන ලියයි කියලද හිතන්නේ.
වෙසක් කූඩු හා අපේ ජීවිත අතරේ ඇති සම්බන්ධය

ඔන්න ඉතින් වෙසක් මංගල්ලෙත් ලග එනවනේ.ඉතිං වෙසක් කියද්දි මතක් වෙන පලවෙනි දේ තමයි අප ගෞතම බුදුහිමිගේ තෙමගුල, අනිත් දේ තමයි වෙසක් කූඩු,ඉතිං අද මම කතා කරන්ඩ යන්නේ මෙන්න මේ වෙසක් කූඩු ගැනයි. වෙසක් කූඩු ගැන කිව්වට වෙසක් කූඩුවයි අපි අපේ ජීවිතේදී හදන කූඩුව,එහෙමත් නැත්තම් අපේ පවුල් කූඩුව ගැනයි. වර්තමානයේනම් මිනිස්සුන්ට වෙසක් කූඩුවක් වත් හදාගන්ඩ වෙලාවක් නැති තරම්.ඒකත් කඩෙන් අරන් තමයි එල්ලන්නේ.
කොහොම උනත් මේ වෙසක් කූඩු වලයි අපේ ජීවිත අතරෙයි තියන බැදීම,එහෙමත් නැත්නම් සම්බන්දය,නැත්තම් ඒ තුලින් අපේ ජීවිත වලට ගන්ඩ පුලුවන් ආදර්ශ මොනාද කියන එක ගැනයි මේ කියන්ඩ හදන්නේ.
මුලුන්ම අපි වෙසක් කූඩුවක් හදන්ඩ කලින් හිතන්ඩ ඔනේ මොකද්ද හදන කූඩුව කියලා.ඒක හරියට අපි අපේ අනාගතේ ගැන හිතන සැලැස්මවල් වගේ.හරි ඔන්න දැන් හදන්නේ මොකද්ද කියලා තීරනය කලා කියමුකෝ,ඊට පස්සේ එකට ඕන කරන අමුද්‍රව්‍ය එකතු කරගන්ඩ ඕනේ, උදා : උණ පතුරු, කම්බී, සව් කොල, එ වගේ දේවල්,ඉතිං මේ දේවල් එකතුකරද්දිත් අපි සැලකිලිමත් වෙන්ඩ ඔනේ හොද හයිය තියන උණ පතුරු කම්බි වගෙ දේවල් තොර ගන්ඩ මොකද නැත්තම් කූඩුව හැදුවට පස්සෙ කැඩෙන්ඩ පුලුවන් නිසා,ඉත්ං ඒ වගේ තමා අපේ ජීවිතේ හදන කූඩුවෙත් (මම මෙතන අදහස් කරන්නේ පවුල් සන්ස්තාව ගැන) හොද හරිදේ තෝරගන්ඩ බලන්ඩ ඔනේ,එහෙම නැති උනොත් වෙන්නේ කුඩුව හදලා ටික කාලයක් යද්දී කැඩිලා විසිරිලා යන එක.අද සමාජයේ ගොඩක් කූඩු වලට ඔයදේ වෙලා තියනවා.හරි ඉතින් ඊලගට උණ පතුරු සුද්දකරලා එක ගානකට කපාගෙන සැලැස්ම අනුව බැදගන්ඩ ඕනේ.කූරු එක වගේ තිබුනේ නැත්තම් කූඩුවේ නියම හැඩේ ගන්ඩ අමරුයි.ඒ වගෙම අලංකාරයත නැතුව යන්ඩ පුලුවන්.අපේ ජීවන කූඩුව හදද්දිත් දෙන්නා අතර තියන අදහස් වල සමාන කම හරියට මේ එක සමාන කූරුවගේ.එහම උනම තමයි අපේ ජීවිත වලටත් නියම හැඩයක් අලංකාරයක් එන්නේ.ඊට පස්සේ ඔන්න එකින් එක කූරු තියලා බඳින්ඩ ඔනේ.මේ බැඳීම් මුලදිම හොදට හයියට බැඳ ගන්ඩ ඔනේ.එහෙම නැතිඋනාමත් පස්සේ කාලෙක ඒ බැදීම් බුරුල් වෙලා ගැලවිලා යන්ඩ පුලුවන්.කූඩුව බඳින්ඩ කම්බි ගන්නවා වගේ අපේ ජීවිතේ ගැටගහගන්ඩ ගන්නේ "විශ්වාසය" කියන බැඳීමය.මේ දේ කවදාවත් බිදිලා යන්ඩ දෙන්ඩ හොදනෑ.එහෙම උනම වෙන්න අර කූඩුවේ බැමි ලිහිල් උනාම වෙන දේම තමයි.හරි ඔන්න දැන් කූඩුවේ සැකිල්ල හරි.දැන් තියෙන්න කූඩුව අලවන එක.කූඩුවට සව්කොල අලවදි පාට පාට, වෛයිවාරන් කොල වර්ග ගොඩාක් ඇලෙව්වාමත් කූඩුව කැතයි.තනි පාටක් හරි නැත්තක් දෙකක් අරගෙන කූඩුව ඇලවලා රැලි ටිකක් දිගට දැම්මාම අර පාට පාට කූඩුවලට වඩා ගොඩක් ලස්සනයි.(මම පෞද්ගලිකව ආස අටපට්ටමක් හදලා තනි කහ පාටින් අලවලා දිගට රැලි දාන්ඩ)මේ දේත් හරියට අපේ ජීවිතත් සරල වෙන තරමට ලස්සනයි කියලයි මගෙ අදහස.ඔන්න කූඩුව දැන් හදලා ඉවරයි.ඉතින් මේ කූඩුවට පැටියෙක් දෙන්නෙක් අවාම ඉතින් තවත් ලස්සනයි නේද?
ඉතින් මේ ගැන ඔයාලගේ අදහස මොකද්ද කියලත් කියන්ඩකෝ බලන්ඩ.....
ඉතිං එහෙනම් ඔබ සැමගේ සිත් පහන් වෙන වෛරය,ක්‍රෝධයෙන් මිදුනාවු සුභ වෙසක් මංගල්‍යක් වේවා..................
අපි වැඩිම වේලාවක් අන්තර්ජාලයේ ගතකරන්නෙ කුමක් කිරීම සඳහාද ??

අපි වැඩිම වේලාවක් අන්තර්ජාලයේ ගතකරන්නෙ කුමක් කිරීම සඳහාද ??
"තමන් අන්තර්ජාලයට සම්බන්ද වුනු ගමන් මොනද කරන්නේ ??"
ඒ වගේම වැඩිම වෙලාවක් අන්තර්ජාලයේ ගතකරන්නේ කුමක් සඳහාද ???
උදා :
තමන්ගේ ඊ-මේල් පරීක්ශා කිරීම
තමන්ගේ බ්ලොග් අඩවියට පිවිසීම
Face book යාම
chat කිරීමට.
නොදන්නා දෙයක් සෙවීමට,
සින්දු,වීඩියෝ,මෘදුකාංග වැනි දේවල් භාගත කිරීමට
ඒ වගෙ තමන් කරන වැඩේ පොඩ්ඩක් කියන්ඩ බලන්ඩ.... නැත්තම් තමන්ම හිතාගන්ඩකෝ
මම හිතන විදියට බොහෝ දෙනෙක් වැඩිම කාලයක් ගතකරන්නේ face book එකේ (හැමෝම නෙමයි.) ඇත්තටම මුහුණත් පොතෙන් අපිට ලැබෙන් වාසිය මොකද්ද? ප්‍රධානම දේ තමයි අපිට යාළු මිත්‍රයින්ව හදුනාගැනීමට ලැබීම ඊට අමතරව යාළුවොත් එක්ක chat කරන්ඩ පුලුවන්වීම.නමුත් ලගදි කරපු සංගන්නයක් අනුව බොහෝදෙනා වැඩිපුරම facebook බාවිතා කරනවා කියන්නේ ඒකේ තියන application,game සෙල්ලම් කරන්ඩලු, ඒ වගේම seach engine වල වැඩිපුරම face book සම්බන්දයෙන් හොයන්නේ එක hack කරන විදියලු.
ඉතිං අපිත් ඒ ගනේට වැටෙන්ඩ ඔනේද? නැත්තම් දැනටමත් වැටිලද? ඊට වඩා වැදගත් දෙයක් සඳහා අන්තර්ජාලය භාවිතා කරන්ඩ බැරි ඇයි.මම මේ කියන්නේ facebook යන්ඩ එපා කියලා එහෙම නෙමේ හොඳද.මම කියන්නේ ඒකට ඇබ්බැහි වෙන් නැතුව සීමාවක් ඇතුව, අවශ්‍ය දේට පමණක් භාවිතා කරන්ඩ කියලා.ඇයි අපි අපේ වැදගත් කාලය,මුදල් (අන්තර්ජාලය සඳහා වු) නිකරුනේ නාස්ති කරන්නේ.
ඉතිං මේ මගේ අදහසක්. සමහරු මේකට එකග වෙන්ඩත් පුලුවන් නොවෙන්ඩත් පුලුවන්,කොහොම උනත් ඔබගේ අදහසුත් කියලා යන්ඩකෝ.....
සැමගෙන් කෙරෙන පුංචි ඉල්ලීමක්...............................
















